Saturday, December 20, 2014

Microsoft® Lumia නවතම සංස්කරනය Denim.


                           
                        Lumia Windows Phone 8.1 පාවිච්චි කරන අයට මේක නියම ආරන්චියක්. තමයි Windows Phone 8.1 Denim සංස්කරනය.Microsoft එක කියන විදියට මේකෙ උපරිම ප්‍රයෝජන ගන්න පුලුවන් කියන්නෙ Lumia 830, Lumia 930, Lumia Icon, සහ Lumia 1520 කියන දුරකතන වලට.

 මේ අලුත් සංස්කරනය නිසා ඔයාගෙ දුරකතනයෙ Cortana app එක දුරකතනය අතින් වත් අල්ලන්නෙ නතුව ක්‍රියත්මක කරන්න පුලුවන්.ඒක කරන්නෙ "Hey Cortana" කියල එයව ආමන්ත්‍රනය කිරිම මගින්.තව කිව්වොත් ඉස්සර UK English වලට විතරක් සීම වෙච්ච මේ app එක දැන් තව භාශා වලටත් වැඩ.
                        තව Cortana වලට අලුතෙන් එක්වුන Geofencing කියල feature එකක්.උදාහරනයක් විදියට ඔයාට වැඩ කරන තැන ඉඳල එතනින් යනකොට හරි ඔයාට ඕන තැනකට එනකොට හරි on වෙන විදියට reminders දාන්න පුලුවන් එක.කොහේ හරි යනකොට දේවල් අමතක නොකර යන්න මේක නියම වැඩක් වෙවි. මේක කරන්නෙ දුරකතනයෙ GPS තාක්ශනය පවිචිචි කරල.
                        මේ update එකෙන් Camera app එකෙත් ගොඩක් වැඩිදියුනු වෙලා තියනව. එකේ කාර්යක්ශමතාව වගේම ගහන ෆොටෝ වල සහ වීඩිඕ වල තත්වයත් වැඩි වෙලා.ඒකට Lumia Camera app එක භාගත කර ගන්න වෙනව.මේවා Windows Phone වලින් Lumia වලට විතරයි.HTC Windows Phone වලට නම් sorry තමා...
                        ඔයාලWindows Phone 7 වැඩසටහන දුවන Phone එකක් මීට ඉස්සෙල්ල පාවිච්චි කරල තියනවනම් මතක ඇති Nokia Drive කියල Navigation වලට සුපිරි app එකක් ගැන.එ Navigation app එක Windows Phone 8 වල ඉඳල මේ දක්වා ආපු සංස්කරන වල ලංකාවට හරියට වැඩ කලෙ නෑනෙ.ඒත් මේ පාර ආපු app එකෙන් ඒ ඔක්කොම තිබ්බටත් වඩා හොඳට තියනව.(Here Drive කියන්නෙ ඉස්සර තිබ්බ Nokia Drive එකේ Update එකට)
                        මම කියපු මේ කරුනු වලට අමතරව තව ගොඩක් features මේ update එකත් එක්ක improve වෙලා තියනව.උඩ මම කියපු Lumia Phone වලට අමතරව අනිත් Lumia ඒවට මේක Install කර ගන්න Preview for Developers app  එක Install කරල try කරන්න.
මෙතනින් Preview for developers download කරගන්න.

Windows Phone  ගැන තියන ඕනම ප්‍රශ්නයක් යොමු කරන්න.

0 comments:

Post a Comment